ජපානයේ දී බාලදක්ෂ ලී පදක්කම (Wood Badge) සම්මානය දිනාගත් ප්‍රථම ශ්‍රීලංකිකයා ලෙස භානුක කරුණාරත්න ගේ ඉතිහාසගත ජයග්‍රහණය

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

එස් . කේ . සමරනායක

ජපානයේදී බාලදක්ෂ නායකයින් සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ ඉහළම පුහුණු පිළිගැනීමක් වන “Wood Badge” සම්මානය දිනාගත් ප්‍රථම ශ්‍රීලංකිකයා ලෙස භානුක කරුණාරත්න ඉතිහාසයට එක්වී තිබේ.

මෙම සම්මානය, හියෝගෝ (Hyogo) පළාතේ ජපන් බාලදක්ෂ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමකදී නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය. බාලදක්ෂ ව්‍යාපාරයේ ගෞරවනීයම පුහුණු පිළිගැනීම්වලින් එකක් වන මෙම Wood Badge සම්මානය, උසස් නායකත්වය, කණ්ඩායම් වැඩ, පුහුණු කුසලතා සහ බාලදක්ෂ මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත් නායකයින්ට පමණක් ප්‍රදානය කෙරේ. මෙම සම්මානය ලබා ගැනීම සඳහා ජපාන බාලදක්ෂ සංගමය විසින් අනුමත කළ පුහුණු ක්‍රමවේදයක් යටතේ, න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු කටයුතු සාර්ථකව සම්පූර්ණ කළ යුතු වේ.

බාලදක්ෂ නායකත්වය තුළ අවශ්‍ය සම්පූර්ණ හැකියාවන් වර්ධනය කිරීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණ වේ. Wood Badge සම්මානය යනු ලෝක ව්‍යාප්තව පිළිගත්, දිගු ඉතිහාසයක් සහිත කීර්තිමත් ගෞරවයක් ලෙස සැලකේ.

මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි බලදක්ෂයෙකු වන භානුක කරුණාරත්න ගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා බාලදක්ෂ ක්ෂේත්‍රයට ගෞරවයක් එකතු කරන අතර, ජාත්‍යන්තර මට්ටමේ නව ඉතිහාසයක්ද සටහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *