බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම මෙන්ම, සිය පවුලේ වගකීම් ද සමබරව පවත්වාගෙන යාම මුහුණ පා ඇති දැඩි අභියෝගයක් බැවින්, ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

මේ ආණ්ඩුකාරවරයා සිය ඉල්ලා අස්වීම පිළිබඳව නිකුත් කළ නිවේදනය යි; 👇

“2026 මැයි මස 17වන දින

මාධ්‍ය නිවේදනය

ආණ්ඩුකාර ධූරය සම්බන්ධයෙන් මෑතකාලීනව මාධ්‍ය තුළ පළවන විවිධ අනුමාන කිරීම් පිළිබඳව පැහැදිළි කිරීමට මම අදහස් කරමි.

ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම මෙන්ම, මගේ පවුලේ වගකීම් ද සමබරව පවත්වාගෙන යාම මුහුණ පා ඇති දැඩි අභියෝගයක් බැවින්, මා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත මීට පෙර අවස්ථාවකදී අතිගරු ජනාධිපතිතුමා වෙත දන්වා සිටියෙමි.

රට වෙනුවෙන් වගකීම් සහගත ධූරයක් හොබවමින් අපේ දේශයේ ප්‍රගතිය උදෙසා මා හට හැකි සෑම අයුරකින්ම දායක වීමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. එම අවස්ථාව මාහට ලබාදීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ට කෘතවේදීත්වය පුදකරමි.

කෙසේ වුවද, සුමට හා විධිමත් සංක්‍රාන්ති කාලසීමාවක් සහතික කරනු පිණිස, අතිගරු ජනාධිපතිතුමා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත්කරන තෙක් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමි.

ඉන් අනතුරුව, ජනාධිපතිතුමාගේ දැක්මට සහාය වෙමින්, විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා මගේ ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගනිමින්, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට මා දරන ස්වේච්ඡා තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට මම ගෞරවයෙන් අපේක්ෂා කරමි.

අපේ දේශයට සේවය කිරීම සඳහා මා තුළ ඇති කැපවීම නොසැලී පවතින අතර, අතිගරු ජනාධිපතිතුමා මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මම මාගේ බලවත් කෘතඥතාව පළ කර සිටිමි.

හනීෆ් යූසුෆ්

ආණ්ඩුකාර – බස්නාහිර පළාත් සභාව”

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *