🙏 ධර්මරාජයේ මූලාරම්භකයන් සිහිපත් කරන වාර්ෂික ගුණ සැමරුම් පිංකම

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

S.Anil De Silva

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ අධ්‍යාපන ආයතනයක් වන මහනුවර ධර්මරාජ විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 139ක් සපිරී ඇත.

ශතවර්ෂයකට අධික කාලයක් පුරා, රටට විද්වතුන්, වියතුන්, කලාකරුවන්, වෘත්තිකයන්, රණවිරුවන් සහ සමාජ නායකයන් රැසක් දායාද කළ ධර්මරාජයේ මේ අභිමානවත් ගමනට මූලික පදනම සැපයූයේ එහි ආරම්භක පුරෝගාමීන්ගේ දුරදක්නා දැක්ම සහ කැපවීමයි.

එම උතුම් මූලාරම්භකයන්ට කෘතවේදීත්වය පුදකරමින් පවත්වනු ලබන වාර්ෂික ගුණ සැමරුම් බෝධි පූජාව මෙවර,

🗓 2026 ජූනි 30 වන දින

🕕 සවස

📍 කෝට්ටේ ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

ඊට අමතරව, පසුදින හීල් දානය ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම පුණ්‍යෝත්සවය කොළඹ ධර්මරාජ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර, සියලු ධර්මරාජ ආදි සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම උතුම් පිංකමට සහභාගි වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනු ලැබේ.

“අපව ගොඩනැගූ මූලාරම්භකයන් කෘතවේදීව සිහිපත් කරමින්, ධර්මරාජ අභිමානය එක්ව සුරකිමු.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *