මීගමුව බන්ධනාගාර | මෘතදේහ සම්බන්ධයෙන් අධිකරණ නියෝග

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මීගමුව බන්ධනාගාර මෘතදේහ සම්බන්ධයෙන් වෙන් වෙන්ව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණි චලනි පෙරේරා මහත්මිය නියෝග කර තිබේ.

ඒ අනුව මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත අදාළ නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.

2026/07/07 දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ ධම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් බණ්ඩාර යන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එහිදී මරණයට පත්වූ පුද්ගලයින්ගේ පවුල්වල භාරකරුවන්ගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබාගෙන පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව මෘතදේහ ඥාතීන් වෙත භාරදෙන ලෙස මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

තවද, මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *