නුවරඑළියේ පෙර පාසල් දරුවන්ට මල් පිපුණු ළමා දිනයක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය නගර සීමාවේ සියලුම පෙර පාසල් දරුවන් එක්කර ගනිමින් විවිධ විචිත්රාංග රැසකින් සමන්විත විශ්ව ළමා දින සැමරුම් උළෙලක් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ සාම ගස අභියසදී අද (01) පැවැත්විණි.
මෙම ළමා දින සැමරුමේ විශේෂත්වයක් වූයේ උළෙලට සහභාගි වූ සෑම පෙර පාසල් දරුවකුම ආරාධිත අමුත්තන් විසින් මල් ලබාදී ආදරයෙන් හා උණුසුම් ලෙස පිළිගැනීමයි. දරුවන් වෙත මල් පිළිගන්වමින් ඔවුන් පිළිගැනීම තුළින් ළමා දිනයේ සැබෑ අරුත වන දරුවන්ට ආදරය, ගෞරවය සහ වටිනාකම ලබාදීම සංකේතාත්මකව ඉස්මතු කෙරිණි.
නුවරඑළිය මහජන බැංකු ශාඛාවේ සංවිධානයෙන් පැවැති මෙම වැඩසටහනේදී පෙර පාසල් දරුවන් වෙනුවෙන් විවිධ විනෝදාස්වාද හා සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කරමින් ඔවුන්ට සතුටින් හා විනෝදයෙන් පිරුණු දිනයක් උදාකර දීමට කටයුතු කර තිබිණි. එමෙන්ම දරුවන් සඳහා ආහාරපාන ඇතුළු සංග්‍රහයක්ද සංවිධානය කර තිබුණි.
ළමා දිනය හුදෙක් විනෝදාස්වාදයට පමණක් සීමා නොවී, සෑම දරුවකුගේම අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කළ යුතු දිනයක් බවට පත්කර ගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
2026 වසරේ ශ්‍රී ලංකා රජය සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා කාලය “ජාතික ළමා දින සතිය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව පිළිබඳ සමාජ සංවේදීතාව ඉහළ නැංවීම එහි ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම ළමා දින සැමරුම් උළෙලට නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර, සහකාර දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිඳකුඹුර, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා, නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහත්මයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, හිටපු නගරාධිපති මහින්ද දොඩම්පිකමගේ මහතා ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන්, නුවරඑළිය මහරජන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු සුධීර ජයසිංහ , සහකාර ප්‍රාදේශීය කළමනාකරු උපාලි විජේකෝන් ශාඛා කළමනාකරු ඩබ්ලිව් .ඩී.එන්.කුමාර බැංකු ක්ෂේත්රයේ නිලධාරීන්, පෙර පාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ විශාල පිරිසක් සහභාගි වූහ.
මල් ලබාදී දරුවන් පිළිගැනීමේ අවස්ථාවේ සිට විවිධ විනෝදාස්වාද හා සංස්කෘතික අංග, ආහාරපාන සහ සංග්‍රහයන් දක්වා වැඩසටහන පුරාම දරුවන් කේන්ද්‍ර කරගත් ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබූ අතර, නුවරඑළිය නගරයේ පෙර පාසල් දරුවන් විශාල පිරිසකට එකම ස්ථානයකදී සතුට, විනෝදය සහ සුහදත්වය අත්විඳීමට එමගින් අවස්ථාව උදා විය.
දරුවන්ට මල් පිළිගන්වා ආදරයෙන් පිළිගැනීමෙන් ඔවුන් සමාජයේ වටිනාම සම්පතක් බවට පණිවුඩයක් ලබාදෙන අතර, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ප්රජාවද එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද මෙම ළමා දින සැමරුම මගින් අවධාරණය කෙරිණි.

