කුඩු කන්ටේනරය ගැන දැනගෙනත් පරික්ෂාව මගහැරපු එක ගැන හොයන්න පොලිස්පති CIDයට නියෝග කරයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

කොළඹ වරායේ තිබූ මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැකකෙරෙන කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙත ලැබුණු තොරතුරු මත ක්‍රියා කිරීමේදී පොලිස් නිලධාරීන් අතින් සිදුව ඇති බව කියන අඩුපාඩු සහ පැහැරහැරීම් පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද පැහැදිලි කිරීමේ නිවේදනයකට අනුව, අදාළ පොලිස් නිලධාරීන් හෝ වෙනත් දෙපාර්තමේන්තු වල නිලධාරීන් කිසියම් පාර්ශ්වයකට වාසියක් සැලසීමේ අරමුණින් මෙලෙස කටයුතු කර තිබේද යන්නත්, එමගින් ඔවුන්ට එරෙහිව අපරාධ චෝදනා නැගීමට පදනමක් පවතීද යන්නත් මෙම පරීක්ෂණයේදී විශේෂයෙන් සොයා බැලීමට නියමිතයි.

ඉකුත් අගෝස්තු 31 වන දින කොළඹ වරායේ කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සහ ඊට අදාළව සිදුවන විමර්ශන සම්බන්ධයෙන් සමාජගත වෙමින් පවතින අසත්‍ය තොරතුරු පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.

අනාවරණය වී ඇති පරිදි, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැගත් කන්ටේනර් දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරායේ CICT පර්යන්තයේ තබා ඇති බවට වන තොරතුරක් අගෝස්තු 14 වන දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙත ලැබී තිබේ. ඔහු එදිනම අදාළ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, අදාළ තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය විසින් පියවර ගෙන ඇති ආකාරය පිළිබඳව පසුව ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති අතර, එහිදී පැහැදිලි අඩුපාඩු නිරීක්ෂණය වූ බවත් සුදුසු මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *