77 වන සංවත්සරයට පෙර යුද්ධ හමුදා ධජයට හින්දු ‘ආශීර්වාද’ පූජාවක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ආශීර්වාද ලබාගැනීම සඳහා විශේෂ හින්දු ‘ආශීර්වාද’ පූජාවක් ඉකුත්දා (02)  කොළඹ 06 මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී

කෝවිල් ඝණ්ටාර නාද මධ්‍යයේ යුද්ධ හමුදා ධජයට රෙජිමේන්තු ධජයන්ට සහ ඒකක ධජයන්ට ආශීර්වාද පූජාව සිදු කරන ලදී. ප්‍රධාන කුරුක්කල්තුමා ඇතුළු හින්දු පූජකවරුන් පිරිසක් විසින් මෙම පූජාව පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක්  සහභාගී වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *