ඥානසාර හාමුදුරුවෝ අල්ලාගත් වෙලාවේ දුරකථනයේ සිම් එකත් වෙනස් කරලා
සේනාසනයට හැංගෙන්න ගියේ වාහන වෙනස් කරමින්ලු
www.bbcmirror.lk
www.Lankawebnews.lk
වරෙන්තුකරුවකු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ආරණ්‍ය සේනාසන භූමියේ පිහිටි කුටියක අඳිනකඩකින් සැරසී සිටි අතර උන්වහන්සේගේ ජංගම දුරකථනයේ සිම්එක පවා වෙනස් කර තිබුණේ යැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් පවසා තිබේ.
කුඩැල්ලන්ගෙන් ගහන වූ මෙම ප්‍රදේශය තුළ මෙම වැටලීම සිදු කළ මොහොතේ ආරණ්‍ය සේනාසන භූමියේ පිහිටි භාවනා කුටි පොලිස් කණ්ඩායම මගින් දැඩි සෝදිසියකට ලක් කළ බවද එම පොලිස් නිලධාරියා සඳහන් කර ඇත.
පොලිස් නිලධාරියා විසින් පවසා ඇත්තේ,ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම ආරණ්‍ය සේනාසනයට පැමිණ ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එම සේනාසනයේ හිමිනමකගෙන් ඒ පිළිබඳව කරුණු විමසූ බවත්ය.
අදාළ හිමිනම විසින් “ඥානසාර හිමියෝ ඇවිත් වාහනයක නැඟ ගිය” බවද පවසා තිබේ.
පසුව එම හිමිනමගෙන් යළිත් ප්‍රශ්න කර ඇති අතර එහිදී සාර්ථක පිළිතුරක් ලැබී නොමැත.
පරීක්ෂාවට ලක්කළ භාවනා කුටිවලට පහළින් තවත් කුටි කීපයක් තිබූ බවත්, මහ රැ කුඩැල්ලන් මැද්දේ පොලිස් කණ්ඩායම එම කුටිය පරීක්ෂා කළ බවත්, එහිදී ඥානසාර හිමියන් අඳිනකඩකින් සැරසී සිටි බවත් පොලිස් නිලධාරියා විසින් පවසා තිබේ.
ඥානසාර හිමියෝ මෙම ස්ථානයට පැමිණ තිබුණේ වාහන එකින් එක මග දිගට වෙනස් කරගෙන බවත්, ඥානසාර හිමියන්ට හිතාමතාම ආරක්ෂාව සලසා දීමට ක්‍රියාකළ අය පිළිබඳව පොලිසිය නිසි ආකාරයට පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත්, දැනටමත් එම සේනාසනයේ හයදෙනකුගෙන් පොලිසිය කරුණු සටහන් කරගෙන තිබෙන බවත් අදාළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ආගම් විරෝධී ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ සිදුකිරීමේ වරදට සිරගත වී සිටි ඥානසාර හිමියන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සමාව ලබාදී නිදහස් කර තිබිණි.
උපුටාගැනීමක්

