ලබන වසරේ මුල් භාගයේ සිට මහනුවර ප්රදේශයේ මෙට්රෝ බස් සේවාව

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

එස්.කේ සමරනායක – සෙංකඩගල                    

ලබන වසරේ මුල් භාගයේ සිට මහනුවර ප්රදේශයේ මෙට්රෝ බස් සේවාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් සැලසුම් ක්රියාත්මක වෙමින් පවතින බව ප්රවාහන නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන  පවසයි.                                                                                                            

මහනුවර පිහිටි පලාත් ප්රවාහන අමාත්යාංශයේ 15 දින පැවැති මූලික සාකච්ඡාවකින් අනතුරුව අමාත්යවරයා මාධ්ය හමුවේ ඉහත අදහස් පළ කළේය.                                                                                              

සාකච්ඡාවෙන් පසු මාධ්ය හමුවේ අදහස් පළ කළ අමාත්යවරයා මෙසේද කීය, මෙට්රෝ බස් සේවාව මේ වන විට කොළඹ ඉතාමත් සාර්ථක අන්දමින් ක්රියාත්මක වෙනවා. ඊළඟට මෙම බස් සේවාව අපි ක්රියාත්මක කරන්න අදහස් කරන්නේ මහනුවර, ගාල්ල සහ යාපනය ප්රදේශවලටයි. මෙම බස් සේවාව දිවයින පුරා  ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2029 වසර දක්වාම සැලසුම් සකස් කොට තිබෙනවා. නමුත් කොළඹ මාර්ග සම්බන්ධයෙන් අපිට විශේෂ දැනුමක් තිබෙනවා. කොළඹින් බැහැර මහනුවර වැනි ප්රදේශවල මාර්ගවල පිහිටීම සම්බන්ධයෙන් විමර්ශනය කොට දත්ත ලබා ගැනීම අපි මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ පළාත්වල කඳු වැඩියි වංගු වැඩියි එනිසා කුමන ආකාරයේ බස් රථ  යොදවන්නේද යන්න පිළිබඳව අපි අද මූලික සාකච්ඡාව සිදුකළා. මෙහිදී මාර්ග පිළිබඳව මෙන්ම, මහනුවරට දෛනිකව පැමිණෙන රථවාහන, ජනතාව සම්බන්ධයෙන් විධිමත් දත්ත ලබා ගන්නවා. ඉන් අනතුරුව තමයි මේ බස් යෙදවිය යුත්තේ කුමන මාර්ග වලද කියලා අපි සැලසුම් කරන්නේ. ඉන්පසුව මාර්ග නිශ්චිතව තෝරාගෙන අදාළ බස් රථ යොදනවා.                                                                  

ලබන වසර වන විට මහනුවර බහුවිධ ප්රවාහන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙනවා. එවිට මේ වැඩ පිළිවෙල සඳහා වඩාත් පහසු ආකාරයෙන් පිවිසෙන්න පුළුවන්.  අපි මේ සාකච්ඡාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය, ශ්රී ලංකා පොලිසිය මෙන්ම මහනුවර මහනගර සභාව ද සම්බන්ධ කර ගත්තා. මේ රටේ ජනතාවට වඩාත් පහසු ප්රවාහන සේවයක් ලබාදීම තමයි අපේ මූලික අරමුණ.                                                                                                                     

මහනුවර ප්රදේශයේ මාර්ග පිළිබඳ නිවැරදි දැනුමක් ලබා ගැනීම සඳහා මෙට්රෝ බස් රථ නිරීක්ෂණ ධාවනයේ යෙදවීමද මෙහිදී සිදුවීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *