මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව – ගනේතැන්න කොටසේ, ගල් පෙරළීමක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
පස් කන්දක් කඩා වැටීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනය අත්හිටුවා ඇත.
විශාල ගල් කුට්ටි කිහිපයක් මාර්ගය මතට පෙරළී ඇති අතර, එමගින් අදාළ කොටසේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
පෙරළී ආ ගල් හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ, කඩුගන්නාව ප්‍රදේශයේ මේ වන විට වැසි තත්ත්වයක් ද වාර්තා වන අතර, එය තවදුරටත් අවදානමක් මතු කර තිබේ.
රියදුරන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, නැවත දැනුම් දෙන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

