හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය හමුවට පැමිණ තිබෙනවා.

ඒ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ධුරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර, එකවර රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *