අධිකරණ නියෝග කස්සප හිමියන් ඇතුළු පිරිස අද තෙවැනි දිනටත් සත්‍යග්‍රහයේ

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

අධිකරණ නියෝග නොතකා අද තෙවැනි දිනටත් සත්‍යග්‍රහයේ

රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වේ.

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය පෙරේදා (07) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කරනු ලැබීය.

එහිදී විරෝධතාවයේ නිරත පිරිස අදාළ ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන ගත්තේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස සත්‍යග්‍රහයේ නිරත පිරිසට අධිකරණය නියෝගයක් ද නිකුත් කෙරිණි.

කෙසේ වෙතත්, එම අධිකරණ නියෝගය නොතකා භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාවයේ නිරත පිරිස තවදුරටත් අදාළ ස්ථානයේ රැඳී සිටිති.

මේ අතර, ඊයේ (08) රාත්‍රියේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *