ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 22වන දින ඇමරිකා එක්සත් ජනපදයට යාමට නියමිතයි. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහායි.
මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් සහ රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද හමුවිමට නියමිත බව පැවසෙනවා

එක්සත් ජනපදයේ සිය කටයුතු අවසන් කිරීමෙන් පසු, ජපාන රජයේ ආරාධනයෙන් ජනාධිපති දිසානායක මහතා සැප්තැම්බර් 26වන දින ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනවා.

ජපානයේ සිටින අතරතුර, ඔහු මේ මස 27වන දින ලෝක ප්‍රදර්ශන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වන අතර ජ්‍යෙෂ්ඨ ජපන් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද සූදානම්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *