දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමට හය දෙනෙක් සූදානම් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා වන නිලවරණයට දිනයක් නියම කර නොමැති පසුබිමක අපේක්ෂකයින් හය දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වන බවට මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බස්නායක නිලමේවරුන් වන දමින්ද බණ්ඩාර උඩුරාවණ සහ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහාචාර්ය තිලක් සුබසිංහ ගාමිණී කළුහෙන්දිවල සහ රොෂාන් පස්සරමුදලිගේ යන මහත්වරුන් මෙලෙස අපේක්ෂකත්වය ප්‍රකාශ කළ අය අතර වෙති.

තවත් කිහිප දෙනෙකු මෙම නිල වරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් නිලවරණය පැවැත්වෙන දිනයේදී ඔවුන්ගේ නම් යෝජනා වී ස්ථිර වුවහොත් පමණක් අපේක්ෂකත්වය හිමිවන බව වාර්තා වේ. මෙම නිලවරණය දෙසැම්බර් මස 07 වැනිදාට පෙර මහනුවර බෞද්ධ මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර නිශ්චිත දිනය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *