ඩෙංගු මරණ ගණන 49ට නඟියි – රෝගීන් ගණන 71,000 ඉක්මවයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මෙ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව, ඊයේ (14) දිනය වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,235කි.
එම රෝගීන් අතුරින් ඩෙංගු මරණ 49ක් වාර්තා වී තිබේ.
එමෙන්ම ඊයේ (14) දිනට පමණක් වාර්තා වූ රෝගීන් ගණන 1,284කි.
ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම රෝගීන් ගණන 37,490ක් වේ.
බස්නාහිර පළාතේ ද වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,736 කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,229ක් වාර්තා වී තිබේ
එමෙන්ම ජූලි මාසයේ ගතවූ දින 14 තුළ පමණක් රෝගීන් 15,856ක් වාර්තා වී ඇත.

