මනම්පේරි විසින් පැවැත්වූ සබඳතා ඔක්කොම එළියට ? BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මනම්පේරි නමැති සැකකරු පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් පසු පොලීසිය මගහරිමින් සැඟව සිටි අතර පසුව අධිකරණයට භාරවීමෙන් පසුව රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරනය අවසර ලබා දුන්නේය.

කෙසේවෙතත් අදාළ සැකකරු විසින් පොලිසිය නොමඟ යැවීම සඳහා විවිධ සාවධ්‍ය ප්‍රකාශයන් සිදු කරමින් සිටිනා බව වාර්තා වෙයි.

ඔහු පොලීසිය මඟහරිමින් සැඟව සිටි කාලසීමාව තුළ කව්රුන් සමඟ හණුදෙනු කර තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා පොලීසිය විසින් සැකකරුගේ ජංගම දුරකථනය පිළිබඳ විමසූ විට ඔහු පවසා තිබුනේ තමා නිතර නිතර බස් නැවතුම්පොළවල්වල නිදාගත් බැවින් තමාගේ ජංගම දුරකථනය එහිදී අතුරුදන්වූ බවයි.

සැකකරුගේ ප්‍රකාශයන් අනුව මොහු රාත්‍රී කාලවලදී නිදාගත් බව කියනු ලබන පිටකොටුව බස් නැවතුම්පොළ අද්දර පිහිටි ආරක්ෂක කැමරා පද්ධතිය විමර්ශනයට ලක් කිරීමටද පොලීසිය කටයුතු කරමින් සිටිනා බව වාර්තා වෙයි.

පොලීසිය සැක කරන්නේ මනම්පේරි සිය ජංගම දුරකථනය අතුරුදන්වූ බව පවසා ඇත්තේ ඔහු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් රැසක් මුදා ගැනීමේ අදහසින් බවයි.

කෙසේ වෙතත් ඔහු මෙතෙක් අනාවරණය කළ පුද්ගලයන් කීපදෙනා පිළිබඳව කරන විමර්ශන අනුව ඉදිරියේදී මෙම සිද්ධියේ රහස් තොරතුරු රැසක් අනාවරණය විය හැකි යැයි ද පොලිසිය කියයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *