අපි වරකා ගෙඩියයි, ගෙදරට ගෙන්වා ගන්න ජාතියේ දේශපාලන හිඟන්නු නොවේ – බිමල්

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය යනු මිනිස්සුන්ගේ වරකා ගෙඩියයි ලැවරිය එකයි ගෙදරට ගෙන්වා ගන්නා ජාතියේ දේශපාළන හිඟන්නු නොවන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත පිළිබඳ විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් දරණ මතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලංගම වෘතිකයන් පිරිසක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ලංගම ගොඩ නැගීම සඳහා රජය පූර්ණ වශයෙන් කැපවී සිටිනා බැවින් එම කටයුත්ත සඳහා සියලුම පාර්ශවයන් එක්ව කැපවීමෙන් සහයෝගය ලබා දෙන ලෙසයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *