මිද්දෙණියෙන් හමු වූ රසායන ද්‍රව්‍ය අයිස් ” නිෂ්පාදනයට භාවිතා කරන රසායනික අඩංගු බව තහවුරුයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් රසායනික ද්‍රව්‍යවල සාම්පල පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව පොලිසිය වෙත භාර දී තිබේ.
පොලිසිය පැවසුවේ අදාළ වාර්තාවට අනුව ඒවා අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රාසායනික ද්‍රව්‍ය බවට තහවුරු කර ඇති බවය.
කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයා ගනු ලැබීය.
අනතුරුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණි.
ඊට අදාලව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගියදා නිකත් කෙරුණු අතර එහි දැක්වුනේ එම රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ඇති බවය.
මේ අතර අදාල රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ වාර්තාව ඉයේ පොලිසියට භාර දී ඇත.
පොලිසිය පැවසුවේ මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් එම රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය බවට එම වාර්තාවෙන් තහවුරු කර ඇති බවය.

