මිනිස්සු පෝය දවසෙත් තෙල් පෝලිමේ.. කත්නෝරුවේ සිරිධම්ම හිමි

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මිනිසුන් අනවශ්‍ය කලබලයක් හදාගෙන රටට අවශ්‍ය තරම් තෙල් ලැබෙන පසුබිමක තෙල් පෝලිම් නිර්මාණය කරගෙන ඇතැයි විචිත්‍ර ධර්ම කථික කත්නෝරුවේ සිරිධම්ම හිමි පවසයි.

“භෝගයන්ට විතරක් නෙමෙයි, පෙට්‍රල්වලටත් අත්ථි සුඛය තියෙන්න ඕන. සමහරු අරන් වැඩිමිලට විකුණනවා. මතක් වෙනවාද කොරෝනා කාලේ වැඩි මිලට තෙල් විකුණපු කෙනා. හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ අහවලා කියලා. පරිභෝජනය කරන එකේ සාධාරණත්වය හදවතට දැනෙන්න ඕන.

මම අදත් උදේ එනකොට දැක්කා පව් අපේ පිංවතුන්, පෝලිමට තෙල් ගහන්න ඉන්නවා. තෙල් ගේන ඇළවල් වහලත් නෑ, නැව්ත් එනවා, තෙලුත් තියෙනවා. පෝලිමේ ඉන්නවා. මිනිස්සු හරි කලබලයි. අනෙකාට ලැබෙන කොට සතුටු වෙන්න මුදිතාව තියෙන්න ඕන.”

නාලිකාවක 2026/03/02 පොහෝදින ධර්ම දේශනාවට එකතු වෙමින් කත්නෝරුවේ සිරිධම්ම හිමි මේ බව කීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *