රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණයට ජනපතිගෙන් උපදෙස් රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම ප්රමුඛ කටයුත්තක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ සඳහා ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩාවට අදාළ සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති පූර්ව සාකච්ඡාවකට අද (15) පෙරවරුවේ එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පෙන්වා දුන්නේ, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහාත් ක්‍රීඩාවේ නව ප්රබෝධයක් ඇති කිරීම සඳහාත් සැලසුම් සකස් කළ යුතු බවයි.
මෙම සාකච්ඡාවේදී 2025 වර්ෂයට අදාළව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 08ක් සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඊට අදාළ ව්‍යාපෘතින්හි වත්මන් තත්ත්වය පිළිබඳව වෙන් වෙන්ව විමසා බැලීමද සිදුවිය.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියේ, පසුගිය අයවැයේදී සෑම ක්ෂේත්රයක් සඳහාම ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර ඇති නමුත් ඒවා නිසි පරිදි අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවයි.
එම ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළ නිසි පරිදි අවසන් කළ යුතු බවත්, එහිදී ජනතාවට ප්රතිලාභ සැලසීම ප්රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කළ යුතු බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා

