හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වෙයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හිටපු රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (15) දින 57 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ ලොහාන් රත්වත්තේ මහතා, හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත්‍රයායි. ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කළේ 2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට තේරී පත්වීමෙනි. ඉන් අනතුරුව, 2010 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර, 2015 සහ 2020 වසරවලදී ද නැවත තේරී පත් විය.

ඔහු සිය දේශපාලන දිවිය තුළ මාර්ග සංවර්ධන මහවැලි රාජ්‍ය අමාත්‍ය, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය, සහ මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ඇතුළු අමාත්‍ය ධූර කිහිපයක්ම හෙබවීය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *