සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමෙන් සේවක හිඟය අඩු කළ හැකිද? වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ වන සියලු ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙත දේශීය හා විදේශීය නිවාඩු ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා’ දැමීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ බව දන්වමින් 2025.08.18 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු ම අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සියලු ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලු ම රෝහල් අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, විශේෂිත වැඩසටහන් ප්‍රධානීන්, පළාත් රෝහල්, දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති සංස්ථා මණ්ඩල ප්‍රධානීන් සහ අමාත්‍යාංශයේ සියලු ම අංශ ප්‍රධානීන් දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.
“රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED 05/2022 හා එම චක්‍රලේඛවලට අනුශාංගික චක්‍රලේඛ ප්‍රකාරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් මෙම අමාත්‍යංශයේ රාජකාරි ස්වාභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසු වී ඇත,” යනුවෙන් එහි දැක්වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුරප්පාඩු සහ තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමා කර ඇති බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.
අනිල් ජාසිංහගේ අත්සනින් යුතු චක්‍රලේඛය සදහන්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *