විශාල මුදල් වංචා සිද්ධියකට දේශපාළන පක්ෂ නායකයෙක් අත් අඩංගුවට..

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

එස් . කේ . සමරනායක

මහනුවරින් බිහිවූ දේශපාළන  පක්ෂයක නායකයෙකු  තෙල්දෙණිය පොලිස් මූලස්ථානය මගින් මහා පරිමාණ මුදල් වංචා කිරීමේ  සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිළි මත සැකපිට අත් අඩංගුවට  ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසයි.

පල්ලේකැලේ සහ ඇල්ල යන ප්‍රදේශවල  කබානා  ඉදිකර දෙන බව පවසා  පුද්ගලයන්කීප දෙනෙකුගෙන්  විශාල  වශයෙන් මුදල් ලබාගෙන පොරොන්දු පරිදි එම  කබානා  ඉල්ලුම් කරුවන්ට ලබා  නොදී  ,මුදල් වංචා කිරීම  යටතේ මෙම පුද්ගලයා  අත්අඩංගුවට  ගත් බව  පොලීසිය  සඳහන් කරයි,සැකකරුට  අයත් සමාගමක  කළමණාකාර අධ්‍යක්ෂකවරියද  මීට කලින්  තෙල්දෙණිය පොලීසිය මගින්  අත් අඩංගුවට  ගෙන  තිබෙන බව  තෙල්දෙණිය පොලීසියේ නිලධාරියෙක් කීය.

සැකකරු  අධිකරණය⁣⁣ට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ,සැකකරුට එරෙහිව  පැමිණළි දෙකක්  ලැබී තිබෙන බව පොලීසිය  පවසයි.

තෙල්දෙණිය ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී  මහේෂ් අමරසිංහ,පොලිස් අධිකාරී (01) ජයන්ත සමරකෝන්  යන  මහත්වරුන්ගේ අධීක්ෂණ මත ,තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී එම් චන්ද්‍රපාල  මහතා  ඇතුලු පොලිස් කණ්ඩායමක්  සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *