ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධාන රාජකාරි අරඹයි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වෙනි මාණ්ඩලික ප්‍රධාන ලෙස පත්වූ ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම මහතා ඉකුත්දා යුද්ධ හමුදා මූලස්ථානයේදී නව තනතුරට අදාල රාජකාරී භාර ගන්නා ලදී.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී රාජකාරී භාරගත් එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක්ද සහභාගී විය.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස සේවය කරන ලදී.

