ගල්කුලම ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුරක් – 14කට තුවාල

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අද (07) අලුයම තිරප්පනේ පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී නිකවැරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් එම බස් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිරප්පනේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ රෝහල්ගත කර අයගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, නාරම්මල ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වී නැවත අනුරාධපුර බලා පැමිණෙමින් තිබූ පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගත් බස් රථයකි.

රියදුරට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පල කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *